Tuesday, August 20, 2013

ගායකයෙකු නොමැති කමින් බොදව ගිය සිහිනය...- sAm Blurred his Dream !!


දයා පැන්නේය. පනින්නට පෙර ගීත ගැයුවේය. ඒ ගීතය පැන්නාට පසු සෑමා වෙනස් කළේය. ගායකයෙකු සෙවුවද හම්බුනේ නැතිය. හැම තැනම ස්ටාර්ස් ලාය. එහෙත් සෑමාගේ පද රචනයට සහය වන්නට තරුවක් ලොවෙත් නොවීය. එකී අසාධාරණ හේතුව නිසා සෑමාගේ මේසය මත එහා මෙහා වෙමින් තිබී අද දින අම්මා විසින් තේ කෝප්පය තබන්නට ගිය ඒ කොළය අද මෙසේ ජනතා අයිතියට පත් වන්නේය. හැකි එකෙක් අරන් ගායනා කරන්නේ නම් අගනේය.

ඔරිජිනල් එක තාලයට ගායනා කොට, අලුත් වර්ෂන් එකත් එම තාලයටම ගයා බලන්න. වෙනසක් විය යුතුනම් යටින් කමෙන්ට් කරන්න.


ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතු පලස මත දිදුලන
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

කාලකන්නි නෙත් විදා ආශ්චර්්‍යය නංවනා
ගජබින්නරී සාටකී රතු පලස මත දිදුලනා
රටකන්නදී බොන්නදී සාටකේ ගැට ගසමිනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි.... තවත් ඔයා හිනැහුණා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් මාලෙකින් ගෙල සරසලා
වයඹට උඩින් තරුවක් මවා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි... තවත් ඔයා හිනැහුණා..

සිහිලැල් සුළං රැල්ලක් එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටි
මතකයි ඔයා මං හැරගිය හැටී
මතකයි.... තවත් ඔයා හිටි හැටී

කුරහන් සුළං සුවදක එතී
සිරිකොත උයන් හැරදා එමී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මම හැර ගිය හැටී
මතකයි... තවත් මං හිටි හැටී


දයා අසිරිමත් වේවා !

Written by sAm_8:50pm_20/08/13

37 comments:

  1. අද මමයි මලයයි මුගෙ පෝස්ටරයක් ගහපු බෝක්කුවක් උඩ ඉදගෙන පොටෝවකුත් ගත්තා බං... සිරාවට! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තොපි ඒ කොලුවගෙ කරෙත් නැගල පොටෝ ගැහුවද?

      Delete
  2. ලෙසටම තාලෙට යනවා. හැබැයි මම වගේ කෙනෙක් කීවොත් පොර ආපහු අලි පැටියට පනින නිසා කියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනම් උබ රෙකෝඩින් එක කරලා යූඇන්පි එකට විකුනපං..

      Delete
  3. උඹට අපි සලකනව මදි බං. නියමෙටම තියෙනව!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉන්දික අයියා.. කීයක් හරි දෙනවකෝ..

      Delete
  4. ඒ කියන්නේ අපි තමා සෑමගේ හීනේ බොඳ කරලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ අයියෝ.. උබට ගායකයෙක් වෙන්න බැහැ කිව්වනේ..

      Delete
  5. මන් ඔය සින්දුවට පුදුම විදියට ආසයි :)

    සින්දුව හොදයි.. එඩිට් කිරිල්ල හොදාආආආආආයි :D

    ReplyDelete
    Replies
    1. ස්තුති..

      මාත් ඒ ගීතයේ පද වලට ආාාසාාායිිි !

      Delete
  6. මටත් කෝටි 25 ක් දෙනව නම් මම ඕක ගායනා කරනවා බොලාට පස්ස නොබල දුවන්න.

    ReplyDelete
  7. කිමද පැන්නෙ ඇයි පැන්නෙ
    තරහ වී
    කවුද කීවේ බොරු කීවේ
    මගෙ දයා
    පෙර නූයේ ඇයි වූයේ
    අද වගේ
    කිමද පැන්නේ ඇයි පැන්නේ
    මගෙ දයා

    හැමදාම බලා සිටියා
    යූ ඇන් පිය දිනන තුරා //
    කවදාවත් නොම වූයේ
    ඒ වාගේ.......

    යූ ඇන්පිය අද පාළුයි
    රනියයි රන්ජයි ඇත්තේ //
    කවදාවත් නොම යාවී
    ඔය වාගේ......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ......

      Delete
    2. මුල් ටික නම් ටීවි එකේ ඒ කාලෙ ඇහුන නොව. අන්තිම ටික උබෙම නිර්මානයක් නේද?

      ජයම වේවා !

      Delete
  8. මොකද කියන්නෙ මම් කියන්නද සින්දුව ලොවෙත් නෑතිවෙන්න.මරු ඈ.මෙ ශශි එකත් නියමයි

    ReplyDelete
    Replies
    1. මේක කිව්වොත් ලොවෙත් නැතිවෙයි තමා ඈ

      ඇත්තට කියන්න බැරිද බං?

      Delete
    2. කියන්න නම් පුලුවන් මචන් ගයන්න තමයි බෑරි

      Delete
  9. නියමයිනෙ.
    නරකද සීසන් 10 එකටවත් දැම්මොත්.

    ReplyDelete
    Replies
    1. සීසන් වුනාට පස්සෙ දාන්න වෙයි නේද ?

      Delete
  10. අඩේ මරුනේ බාන්ස් ........

    ReplyDelete
  11. උඹ ලියපු එක හරීන් ප්‍රනාන්දුට දෙමු කියන්න.

    ReplyDelete
    Replies
    1. “හරී “ හරියට කියයිද බං?

      Delete
  12. මේක නං සිරා සිංදුවක්, මචෝ. කොහොම හරි ගායකයෙක් ව හොයලා වැඩේ කරමු. බොඳ වෙලා ගියොත් අපරාදෙනේ.

    ReplyDelete
  13. හෙහ් හේ... මරු ඈ.. :)

    ReplyDelete
  14. හේක් හේක් හේක්

    ReplyDelete
  15. හෙක් හෙක්.. ලෙසටම සංකරණය කොරලනේ බොල. ටේලටින් සොප් එකක වැඩ කළා නම් අලුත් ඩිසයින් හදන්න තිබ්බ ගජරාමෙට.ලොවෙත් නැති ඒවා,ඔව් ඔව් මීට කලින් දැකල නැති ඒවා තමා! (Y)

    ReplyDelete
  16. අඩේ..සැමා ඕක රෙකොර්ඩ් කරමුකෝ බං ...

    ReplyDelete
  17. මුල් සිංදුව අහලා නෑ.

    ReplyDelete
  18. ඉදිංකො මම එනකං...ඕක උමා කෙල්ලටම කියලා රැකෝඩ් කොරමු...

    ReplyDelete
  19. :D හැමදාම අපේ පැත්තෙන් යන්නේ දයා මාම. හිටුකෝ උඹව අල්ලන්න සුදු වෑන් කබලක් ඉල්ලං එවන්නම්..

    මමනම් දයා අංකල් ගේ වොයිස් ඒකටත් ලයික්, සිංදුවටත් ලයික්, පද පේලි වලටත් ලයික්. හැබැයි දේශපාලනයට කාගේත් අන් ලයික්..

    ඔබතුමාග් පද පේලිත් හොඳා.. :D මම ගයන්න ද ? මටනම් ලාවට පුළුවනි. :)

    Bora Diyaka Induwara

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...